ජනපතිගේ තටු කපන්න යයි - යහපාලන තේමා පාඨය වෙනසට.


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කිරිමට නියමිත 20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ලබන 19 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ඉදිරිපත් කරන  බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පවසමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාට එය අහෝසි කිරිමට හෝ සංශෝධනයක් ගෙනඒමට වුවමනාවක් නොමැති නිසා සිය පක්ෂය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව මන්ත්‍රීවරයා පැවසීය.

ආදාළ  20 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සැකසීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කර ඇති අතර ඇතුළත් වන කරුණු, කාල රාමුව හා සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේදිනවල අවධානය යොමු කර ඇති බව ඒමහතා පැවසීය.

එහිදී ආණ්ඩුකරවරයාගේ බල තලවල වෙනස් නොවන ආකාරයට ආදාළ කෙටුම්පත සැකසීමේදී සැලකිලිමත් වන බවද පැවසේ.

එක නායකත්වයක් - එක රජයක් - එක වැඩපිළිවෙලක් - යහපාලන තේමා පාඨය වෙනස් වෙයි

එක නායකත්වයක් - එක රජයක් - එක වැඩපිළිවෙලක් යන තේමාව යටතේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (11) උදෑසන පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත හැකි රජයක් පිහිටු වීම තම අභිප්‍රාය වු බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ කැපවීම් සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

දේශපාලන පක්ෂ දෙවනුවත් තම මව්බිම පළමුවත් ලෙස සළකා කටයුතු කිරීම තම අරමුණ වන බව ද පැවසූ අමාත්‍යවරයා, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ උදාර අරමුණකින් වන බව ද ඒ සඳහා බොහෝ කැප කිරීම් කළ බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් අද වන විට ජාතික ආණ්ඩු සංකල්පය රටට නොව දේශපාලඥයින්ට නොගැළපෙන තත්ත්වයට පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.


එවිට එක් නායකත්වයක් තුළ ජාතික ප්‍රතිපත්තියක් තුළ සියලු දෙනා කටයුතු කරන බව ද අමාත්‍යරයා පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment