ඛනිජ තෙල් ගවේෂණයට අර්ජුනගෙන් සැලසුම් රැසක්.


ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් සම්බන්ධයෙන් වන පහත සඳහන් තොරතුරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඛනිජ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ ගෝලීය ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු කැනීම් කර්මාන්තය වර්ධනය නොවීම හේතුවෙන් පසුගිය වර්ෂ තුනක කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු මන්දගාමීව සිදු වී ඇතත්, දේශීය වෙළඳ පොළ අවශ්‍යතාවන් මුදුන්පත් කරවා ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් අක්වෙරළ ගවේෂණ කටයුතු නොකඩවා සිදු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

මේ වන විටත් සොයා ගනු ලැබ ඇති ස්වාභාවික වායු නිධි සංවර්ධනය කිරීම සඳහා සුළු පරිමාණ ලංසු කැඳවීම සහ ගවේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිමත් ලංසු කැඳවීම කෙරෙහි අවධානය යොමු කරමින් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් පියවර ගනු ලැබ තිබේ.

මන්නාරම් ද්‍රෝණියේ එම් 2 වශයෙන් නම් කරන ලද බිම් කොටසින් සොයා ගැණුනු ස්වාභාවික වායු නිධියේ අතිරේක නිධි සොයා ගැනීම සඳහා ගවේෂණය කිරීමට ලංසු කැඳවීමේ වටය 2018 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නැ‍ඟෙනහිර වෙරළ තීරයේ හා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු සඳහා තෝරාගත් සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ගොඩබිම් තීරයේ ඛනිජ තෙල් ගවේෂණය සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment