මෙදා සැරේ මහා නගරේ - මහා අවුරුදු සිරි පැතිරේ, ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවය කොළඹදී

මෙදා සැරේ මහා නගරේ - මහා අවුරුදු සිරි පැතිරේ, ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවය කොළඹදී
මෙම මහා අවුරුදු සැණකෙළියේ සමාරම්භය සනිටුහන් කරමින් කප් සිටුවීම සහ දේවාශිර්වාදය ලබා ගැනීම පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, මහානගර සහ බස්නාහිර සංව3⁄4ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්විණි.
sooryabhishekaya 
අවුරුදු කුමරිය සහ කුමරා අභිෂේකය ලබන්න, ඔබත් දැන්ම අයැදුම් කරන්න...
 
සාම්ප‍්‍රදායික සහ නවීකාරක තරග රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සවයේ මහානගර අවුරුදු කුමරිය සහ අවුරුදු කුමරා තේරීමේ තරගය සඳහා මේ වනවිට අයදුම්පත් භාරගනු ලැබේ. මෙම අවුරුදු උත්සවයේ මහානගර අවුරුදු කුමරිය තරගයේ ජයග‍්‍රාහිකාවට මුදලින් රුපියල් 75,000ක් හිමිවන අතර, දෙවන සහ තුන්වන ස්ථාන සදහා පිළිවෙළින් රුපියල් 60,000ක් සහ රුපියල් 50,000ක් බැගින් හිමිවේ. එසේම, හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග හිමිවේ. (අයදුම්පත් සඳහා මෙතැන ක්ලික් කරන්න)
 
මහානගර අවුරුදු කුමරා සඳහා මුදලින් රුපියල් 60,000ක් හිමිවන අතර, දෙවන සහ තුන්වන ස්ථාන සඳහා රූපියල් 60,000ක් සහ රුපියල් 50,000ක් බැගින් හිමිවේ. එසේම, හතරවන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වාද මුදල් ත්‍යාග හිමිවේ. (අයදුම්පත් සඳහා මෙතැන ක්ලික් කරන්න)
 
මීට අමතරව පාපැදි ධාවන තරගය (අයදුම්පත් සඳහා මෙතැන ක්ලික් කරන්න) සහ පුරසැරිය මැරතන් තරගය (අයදුම්පත් සඳහා මෙතැන ක්ලික් කරන්න) සමග සාම්ප‍්‍රදායික අවුරුදු තරග මෙන්ම ජනක්‍රීඩා ඇතුළු විචිත‍්‍රවත් අංග රැසකින් මෙම මහා අවුරුදු උත්සවය සමන්විත වේ.
 
තරග පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න :
උමේන්ද්‍ර - 071 1 140 000
තුල්ෂි - 071 5 562 971
 
මෙම අවුරුදු උත්සවය පැවත්වෙන පරිශ‍්‍රය තුල වෙළඳකුටි සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ඇති අතර ඒ සඳහා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත අංකයන් අමතන්න.
මහේන්ස්‍ර - 077 22 79 118 / 0775 78 75 78
 
මෙම අවුරුදු උත්සවයෙන් පසුව ශිල්පීන් 1200 දෙනෙකු සහභාගි වන මහා සංස්කෘතික ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, ඉන් අනතුරුව මහේෂ් දෙණිපිටිය ප‍්‍රමුඛ වාදක මඩුල්ල සහ භාතිය-සන්තුශ්, උමාරියා සිංහවංශ, නිරෝශා විරාජිනි, උරේෂා රවිහාරි, ඉෂාක් බෙග්, අමිත වෙඩිසිංහ, සුසිල් ප‍්‍රනාන්දු, සුනීර සුමංග ඇතුළු සිංහල සහ දමිළ ගායන තරු සහභාගී වන මහා මියැසි ප‍්‍රසංගයක්ද සංවිධානය කර තිබේ.
 
sooryabhishekaya 2
sooryabhishekaya 3
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment