ගාල්ලේ සභා තුනක බල පොරයක්

ගාල්ලේ සභා තුනක බල පොරයක්

බළපිටිය, බෙන්තොට සහ නියාගම යන ප්‍රාදේශීය සභා තුනෙහි මෙසේ බලය පිහිටුවීමට නොහැකි වී ඇත.

මෙම ප්‍රාදේශීය සභා තුන සඳහා සභාපතිවරු හා උප සභාපතිවරු පත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබේ. පැහැදිලි බහුතර බලයක් දිනාගන්නා ලද පළාත් පාලන ආයතන සඳහා සභාපතිවරු හා උප සභාපතිවරු පත් කිරීමේ පූර්ණ බලය හිමිව ඇත්තේ ජයග්‍රාහී පක්ෂයේ ලේකම්වරයාට වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් මෙම ප්‍රාදේශීය සභා තුන සඳහා පක්ෂය විසින් නම් කරන ලද සභාපති හා උප සභාපතිවරුන්ගේ ලේඛනය මැතිවරණ කොමිසම වෙත මේ වන තෙක් ලබා දී නැත.

මෙම සභා තුනට අදාළව සභාපති, උප සභාපති ලේඛන යැවීමට නොහැකි වී ඇත්තේ මේ වන තෙක් ඒවායේ සභාපතිවරු හා උප සභාපතිවරු පත්කර ගැනීමට නොහැකි වී තිබෙන බැවින් බවද දැන ගන්නට තිබේ. කීප දෙනෙකු මෙම තනතුරු ඉල්ලා සිටීම මෙයට ප්‍රධානම හේතුව වී තිබේ. තනතුරු නොලැබෙන අය දේශපාලන තීන්දු ගැනීමට තිබෙන ඉඩකඩ වැඩි වී තිබෙන හෙයින් මෙම ප්‍රාදේශීය සභා තුනේ සභාපතිවරු හා උප සභාපතිවරු නම් කිරීමට තවත් දින කීපයක් ගත වෙනු ඇතැයි එම ප්‍රාදේශිය සභාවලට සම්බන්ධ ආරංචිමාර්ග සදහන් කරයි.

2018 අප්‍රේල් 16 වන දිනට පෙර සියලු පළාත් පාලන ආයතන පිහිට විය යුතු බවද මැතිවරණ කොමිසමට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම සභාපති, උප සභාපති ලේඛන නොලැබීම මත අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමට ද මැතිවරණ කොමිසමට නොහැකි වී තිබෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ජයකාන්ත ලියනගේ - බළපිටිය

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment