ඒ අනුව අදාළ වාර්තාව මඟින් මැතිවරණ කොමිසන් සභාව වෙත නිකුත් කර ඇති මාධ්‍ය උපමාන සහ නිර්ණායක ලෙස 2018 ජනවාරි 20 සිට පෙබරවාරි 10 දක්වා පළ වූ සියලු පුවත්පත් සහ රූපවාහිනී වැඩසටහන්වල අන්තර්ගතය විශ්ලේෂණය කොට තිබේ. මැතිවරණ කාල තුළදී ජනමාධ්‍ය විසින් මැතිවරණයට සහ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය අාවරණය කරන ආකාරය තක්සේරු කිරීම මෙම මැතිවරණ නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණකි.
අදාළ වාර්තාව සඳහා මාධ්‍ය අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමවේදය යොදාගෙන ඇති අතර ඒ සඳහා ජනමාධ්‍ය, දේශපාලනය සහ පර්යේෂණ ක්‍රමවේද පිළිබඳව විශේෂඥභාවයක් සහ අත්දැකීම් ඇති පර්යේෂණ කණ්ඩායමකගේ සහය ලබා ගෙන තිබේ.
භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කර ඇති එම වාර්තාවේ කරුණු සහ නිර්දේශ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සිදු කෙරෙන පුළුල් සංවාදයක් හෙට (04) දින මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වේ.
0 comments :
Post a Comment