පළාත් පාලන බලය ගන්න TNA හා SLMC එක්වෙයි.

බහුතරයක් නොමැති නැගෙනහිර පළාතේපළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමේදී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානය සමග එකඟත්වයක් ඇතිකර ගත්බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.

දෙමළ සන්ධානනායක හා විපක්‍ෂනායක ආර්.සම්බන්ධන් මහතා සමග ඊයේ (09දා) සවස ත්‍රිකුණාමලයේ පිහිටි නිවසේදී හමුවී ඇතිකරගත් එකඟත්වයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා මේ බව පවසා සිටියේය.

"කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට යෑමේදී දෙමළ ජාතික සන්ධාන ප්‍රශ්නයක් ඇතිවුණා.මේ තත්ත්වය නැතිකරගෙන ඉදිරියට වැඩ කිරීමට අපි සාකච්ඡා කළා. ඒ අනුව මුතූර් සභාවේ සභාපති ධුරය මුස්ලිම් කොංග්‍රසයත්, උපසභාපති ධුරය දෙමළ සන්ධානයටත් ලබාදෙන්න එකඟ වුණා. කින්නියා නගර සභාවේ බලය ගන්න ඒ අය අපට උදව් කරනවා කිව්වා.මෙය ත්‍රිකුණාමලයට විතරක් නොවෙයි. අපට බලය ලබාගත හැකි සෑම තැනකදීම දෙමළ ජතික සන්ධානය එක්ව කටයුතු කිරීමට එකඟත්වයක් ඇතිකර ගත්තා" යැයි ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment