අව්වෙන් වැස්සෙන් බැටකන පොළොන්නරුවේ ගොවියෝ - වැස්සට අස්වනු පැළවෙයි

අව්වෙන් වැස්සෙන් බැටකන පොළොන්නරුවේ ගොවියෝ - වැස්සට අස්වනු පැළවෙයි

මේ වන විට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ සියයට70ක් පමණ ද මහවැලි බී හා සී කලාපවලත් කවුඩුල්ල, ගිරිතලේ, මින්නේරිය යන ව්‍යාපාරවලත් සියයට 50ක් පමණ අස්වනු නෙලා අවසන් වුවත් විශාල යන්ත්‍රසූත්‍ර යොදාගෙන අස්වනු නෙලීම නිසා අමු වී වේලීමට සිදුව තිබේ. මේ නිසා නෙලා ගත් වී අස්වනු මහා මාර්ග දිගේ සහ වෙනත් ඉඩ ඇති සෑම තැනකම පාහේ අව්වේ දමා වේලීම සිදු කරති.

එසේ වුවත් ඉකුත් (06) දා සිට කඩින් කඩ අධික වැසි ලැබීම නිසා වේලීම සඳහා මහා මාර්ගවලට දැමූ වී තොග පිටින් ජල පහරවලට හසුවීමත් වැස්සට තෙමීමත් නිසා විනාශ වෙමින් තිබේ. ගොවීන් පවසන්නේ තමන්ගේ අස්වැන්න මෙවර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබූ බවත් මෙසේ වැස්ස හේතුවෙන් ඉතිරිය ද විනාශ වී යන බවයි. මේ වන විට ඇතැම් වී තොග පාරවල් දිගේ පැළ වෙන්නට පටන් ගෙන ඇති බව ද ගොවීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් වී මිල ද සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ යා හැකි බවද ගොවීහු මැසිවිලි නගති.

පින්තූරවල දැක්වෙන්නේ අරලගංවිල හා වෙහෙරගල ප්‍රදේශවල වේලීමට මහ පාරට දැමූ වී අස්වනු වැස්සට හසුව ඇති ආකාරයත් ඒවා එක්කාසු කර ‍රැක ගැනීමට ගොවින් මහන්සි වන ආකාරයත්ය.

polonnaruwa vee 1

polonnaruwa vee 2

ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment