පොදුජන පෙරමුණේ නායකත්වය මහින්දට ?

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්දට ?
මේ සම්බන්ධයෙන් යෝජනා වූ අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම ඒකමතිකව යෝජනා වී තිබෙන බවද දැනගන්නට තිබේ.  
 
සිය දේශපාලන පක්ෂයේ නායකයා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව පොදු මහජනතාවගේ කැමැත්තෙන් පත්කර ගතයුතු බවට එම පක්ෂයේ නායකයින් තීරණය කර තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එබැවින් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකයෙකු පත්කර ගැනීම සඳහා මහජන කැමැත්ත විමසීමට තීරණය කර තිබෙන බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. 
 
කෙසේ වෙතත් රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රීලනිප සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහු වෙනත් පක්ෂයක නායකත්වයට පත්වන්නේ නම් අනිවාර්යෙන්ම ශ්‍රීලනිපයේ සාමාජිකත්වයෙන් ඉවත් විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔහු පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වූ වහාම ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ඔහුට අහිමි වනු ඇත.
 
මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර යම් හෙයකින් ඔහු පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වුවහොත් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වනු ඇත. ඒ නිසා ඔහු කිසි විටෙකත් නැවත පාර්ලිමේන්තු මැතිවරණක් පැවැත්වෙන තෙක් ශ්‍රීලනිපයෙන් ඉවත්වීමට කටයුතු නොකරනු ඇත.
 
හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් කිසිවකු විරෝධයක් නොදක්වා තිබෙන බව පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය. 
 
ජයකාන්ත ලියනගේ - බළපිටිය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment