අමල් කරුණාසේකරට නැවතත් විදෙස් ගමන් තහනමක් - ආරක්ෂක ලේකම්ට නොතීසි - Update - 01

අමල් කරුණාසේකරට නැවතත් විදෙස් ගමන් තහනමක් - ආරක්ෂක ලේකම්ට නොතීසි - Update - 01

විශ්‍රාමික යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා විදෙස් ගමන් තහනමට ලක්ව සිටියේ ‘ද නේෂන්’ පුවත්පතේ හිටපු කර්තී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සහ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය යන නඩුවලට සම්බන්ධව ය.

පසුගිය බ්‍රහස්පතින්දා (29) මේජර් ජනරාල් අමල් කරුණාසේකර මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් ඉන්දීය ආරක්ෂක ඇකඩමියේ විශේෂ පුහුණු වැඩසටහනක ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරයා වශයෙන් විදෙස් ගත වීමට අවසර පතා සිටි නමුත් එම කාරණය තහවුරු කිරීම සඳහා ලබාදුන් ලිපිය, අදාළ ලිපියේ මුල් පිටපත නොව ඡායා පිටපතක් බවත්, එම ලිපියට අත්සන යොදා තිබෙන්නේ ආරක්ෂක ලේකම්වරයා නොවන බවත් හෙළිවිය. එයට හේතුව වශයෙන් යුධ හමුදා නීති උපදේශකවරයා දැක්වූයේ ආරක්ෂක ලේකම්වරයා විදෙස් ගත ව සිටින හෙයින් වෙනත් නිලධාරියෙකු අත්සන් තබා ඇත යන්නයි.

නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩිදුර විමර්ශනවලින් පසුව හෙළිවූයේ ආරක්ෂක ලේකම්වරයා ඒ අවස්ථාවේ වෙනත් රටක නොව කණ්ඩලම ප්‍රදේශයේ සිටින බවයි. මේ අනුව සැකකාර මේජර් ජනරාල් අමල් කරුණාසේකර හට රටෙන් පළා යාම සඳහා අධිකරණය ද නොමග යවමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් වංක සහයෝගය ලබා දෙමින් සිටිනවාද යන ප්‍රශ්නය අධිකරණය හමුවේ පැන නැගී තිබේ.

ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා හට හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් වීමට නොතීසි කර තිබෙන්නේ ඒ අනුව ය.

මෙම නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, මේජර් ජනරාල් අමල් කරුණාසේකරට රටෙන් පිටවීමේ අවසරය ලබාදීමට එරෙහිව සිය දැඩි විරෝධය පළ කර සිටිති. ඔවුන් ප්‍රකාශ කරන්නේ පහරදීම් හා ඝාතන සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්කළ යුතුව සිටින මේජර් ජනරාල්වරයා රටෙන් පිට වුවහොත් නැවත නොපැමිණීමට ඉඩ ඇති බව ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment