
මේ වන විට මන්ත්‍රීවරයා ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණ ඇති බව සඳහන්.
මහනුවර ගැටුම්වලට සම්බන්ධ බවට සැකකෙරන පොහොට්ටුවේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර එම ගැටුමේ මහමොළකරු බවට සැකකෙරෙන මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති.
දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමට දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාගේද සම්බන්ධයක් ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි. එම ගැටුම අතරතුර පුපුරා ගිය බෝම්බය හේතුවෙන් මියගිය පුද්ගලයාගේ අවමඟුල් දින දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා සිංහල ජාතිකයන් උසිගන්වන ප්‍රකාශයක් සිදු කළ බවටද අප වාර්තා කළෙමු.
සබැඳි පුවත්
දේශප්‍රේමී දිළුම් මන්ත්‍රීතුමාගෙන් ඇඟ කිළිපොලා යන අවමංගල කතාවක්
0 comments :
Post a Comment