ඉතිහාසයේ මුල්වරට ඩොලරයේ විකුණුම් මිල රු. 160 ඉක්මවයි.



ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 160.00 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 156.9108 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 160.0069 ක් ලෙසින් සටහන් විය.

විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් දිනයේ පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත ගණනය කෙරේ.

වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාතය දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් මෙම අනුපාතය වෙනස්විය හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment