ලිඳුල නාගරික මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයකු හමුවෙයි

Untitled-1

වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන  තලවාකැලේ ලිඳුල නගර සභාවේ මන්ත්‍රී  විතානගේ ඉෂාර අනුරුද්ධ මංචනායකගේ නිවසින් තවත් දරුවකු සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. එම දරුවා මේ වන විට නුවරඑළිය පොලිසිය භාරවේ පසු වෙයි. අද දින සොයා ගත් දරුවාගේ වයස අවුරුදු 11කි. අවුරුදු පහක දරුවකු පැහැරගෙන ගොස් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධට අමතරව තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අනගිපුර අශෝක සේපාල යන අය ද රිමාන්ඩ් බාරයේ පසු වෙයි. ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබන 11 දින තෙක් රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment