ගෝතමාලාවේ ගිනි කඳු අළු යට ජීවිත සැඟවුණු හැටි - 75 ක් මරුට 200 ක් අතුරුදන්

පසුගිය ඉරිදා ගෝතමාලාවේ පුපුරාගිය ගිනිකන්දෙන් විසි වුණු රත් වූ ගල්කැට, අළු සහ මඩ හේතුවෙන් අතුරුදන්ව සිටින පිරිස් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙයි. මෙම ගිනිකන්ද පිපිරීමෙන් නිල
වශයෙන් සිදු වූ මරණ ගණන 75 කි.

අතුරුදන්වූ බවට සැලකෙන පිරිස 200 කට වැඩිය.මේ වනවිට දහස් ගණනක පිරිසක් තාවකාලික රැකවරණ ලබමින් සිටියි. කිලෝමීටර් දහයක් උසට අළු විහිදුවාලු මෙම ගිනිකන්ද දැන් සන්සුන්ව පවතින බව ගිනිකඳු විශේෂඥයෝ පවසති.
 මේ වනවිට ගිනිකන්දේ බලය හා පුපුරායාමට ඇති ඉඩකඩ යවෙමින් පවතින බව වාර්තවෙයි. ඉදිරි දින කිහිපය තුළ ඒ අනුව පිපිරිමක් සිදුනොවන බව ඔවුන්ගේ අදහසයි. පිපිරුමත් සමග උණුසුම් වායුන් හා ගිනිකඳු වලින් පිටවන ද්‍රව්‍ය කඳුවැටි දිගේ  විත් ජනතාවට දිවි අහිමි කර  ඔවුන් අවතැත්කළ බව පැවැසෙයි.

















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment