පශ්චාත් මරණ පරීක්ෂණය අනුව හේම නලින් මියගියේ මොළයේ නහරයක් පිපිරීමෙන්


ඊයේ අභවප්‍රාප්තවූ රූපවාහිනී මාධ්‍ය වේදී හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින කොළඹ ජාතික රෝහලේදී සිදු කරන ලදි.

ඒ අනුව හේම නලින් කරුණාරත්න  (56) මහතාගේ මරණය මොලයට රුධිරය ගෙන යන නාලයක් පිපිරීමෙන් සිදු වු මරණයක් බව තීරණව වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන් ඩී එන්

ඒ මෙන්ඩිස් මහතා විසින් අද මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය  පවත්වා  සිය වෛද්‍ය වාර්තාවෙන් ඒ බව තීරණය  කර ඇති බවද  පොලිස්  මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර අවසන් කටයුතු කිරීම සදහා දහවල් සිය ඥාතීන් වෙත බාර දුන් බවද ඒ මහතා කීය.
 හේම නලින් මහතාගේ මොළයේ නහරයක් පිපිරී අභ්‍යන්තර රුධිර වහනයක් නිසා මෙම මරණය සිදුවන්නට ඔහුට පැවති අධි රුධිර පීඩන තත්වය හේතුවන්නට ඉඩ තිබෙන බව වෛද්‍ය මතයයි.
මෙම මරණය සම්බන්ධයෙන් මුලින් වාර්තා කර තිබුනේ ඔහු මියගියේ හෘදයාබාධයකින් බවකි.
ඔහු රාත්‍රී නින්දේදීම රෝග තත්වය උත්සන්නවී මියයන්නට ඇතැයි සැකකෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment