පාසල් සිසුවියට අතවර කරන්න හැදු තරුණයා ගස් බැඳ පොලිසියට භාරදීලා


පාසල් ශිෂ්‍යාවකට අයුතු යෝජනාවක් කර අපයෝජනය කිරීමට තැත් කළ සැකකරුවකු අල්ලා පහරදී ගස් බැඳ පොලිසියට භාරදීමේ පුවතක් කොබෙයිගනේ පොලිස් වසමේ පුබිබිිය ග්‍රාමයෙන් වාර්තා විය. පෙරේදා (20දා) පස්වරුවේ ශිෂ්‍යවගේ නිවසට පැමිණි සැකකරු ශිෂ්‍යාවට අයුතු යෝජනාවක් කර අතින් අල්ලා
ඇදගෙන යෑමට තැත්

කිරීමේදී ශිෂ්‍යාව කෑගැසීමෙන් අසල්වාසීන් පැමිණ පලායමට තැත් කළ සැකකරු අල්ලා පහර දී ගස් බැඳ පොලිසියට දැනුම් දී ඇත.

 සැකකරු කොබෙයිගනේ පොලිස් වසමේ අලව්වේගම පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයකු බවට විමර්ශනවලදී අනාවරණය කරගත් බව පොලීසිය පැවසීය. සිද්ධිය වන අවස්ථාවේ වැඩිහිටියන් නිවසේ නොසිට ඇති බවද සැකකරු නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවැසීය.

 අසල්වවාසීන්ගෙන් පහරකමට ලක් වූ සැකකරු කොබෙයිගනේ රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය. සිද්ධිය පිළිබඳව කොබෙයිගනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment