දහඅට හැවිරිදි තරුණියක අපයෝජනය කළ ඉංජිනේරුවා රිමාන්ඩ්


දහඅට හැවිරිදි තරුණියක අපයෝජනය කළ බව පැවසෙන පුද්ගලයෙකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය පෙරේදා (20දා නියෝග කළාය.

මෙලෙස

රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අකුරැස්ස, පරදුව ප්‍රදේශයේ පදිංචී මහාමාර්ග ඉංජිනේරුවකු බව පැවසෙන 45 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ තරුණිය 08 හැවිරිදි වියේ සිට සිය මව සමග සැකකරුට අයත් වතුයායක සේවය කර ඇති අතර, එහිදී සැකකරු අවස්ථා කිහිපයකදී ඇයට කෘර ලෙස වධහිංසා කර තිබේ. එම වධහිසා ඉවසාගත නොහැකිව අදාළ තරුණිය එම වතුයායෙන් පලාගොස් තිබූ අතර, සැකකරු පුවත්පතකද ඒ බවට දැන්වීමක් පළකර යළි ඇය සොයාගෙන වතුයායට ගෙනැවිත් වධහිංසා කර අපයෝජනය කර ඇති බවත්, ඔවුන්ට යාමට කිසිදු ස්ථානයක් නොතිබූ බැවින් ඇයගේ මවද එම වධහිංසා ඉවසාගෙන සිට ඇති බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.

එක්තරා අවස්ථාවකදී සැකකරු විසින් අදාළ තරුණියට පහරදීමෙන් ඇතිවූ තුවාල සදහා ප්‍රතිකාර ලබා දීමට වතුයායට වෛද්‍යවරයෙකු රැගෙන විත් ඇතැයිද පොලිස් පක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. මේ පිළිබඳ අදාළ තරුණිය කර තිබූ පැමිණිල්ලක් අනුව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයංග හසංත මාරපන මහතාගේ අවසරය මත මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබීණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment