
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි පවරා දීමට බව පවසමින් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ජනාධිපති කාර්යා මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ජූලි හත් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. යන්ත්‍ර සූත්‍ර පවරා දීමට බව කියමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් මිලියන 20ක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කොළඹ සුපිරි හෝටලක රථවාහන අංගනයේදීය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment