ඥාණසාර හිමිගේ විශේෂ හෙළිදරව්ව

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාරහිමි නිදහස්වීමෙන් පසු විශේෂ හෙළිදරව්වක් කරන බවට මාධ්‍ය වාර්තා පළව තිබුණ අතර
අද පස්වරුවේ එය පැවැත්වුනා. එහිදී උන්වහන්සේ ආන්දෝළනාත්මක කතාබහක් ඇති කළ ජම්පරය ඇන්දවීම පිළිබඳවද කරුණු පැහැදිලි කළ අතර තවත් විශේෂ අදහස්ද හෙළි කර සිටියා.

‘අධිකරණය නැමැති දේවාලයේ නීතිය

කියන දෙවියො ඉස්සරහා යදින කපුවන්ට ආවතේව කරන අයට දැන් මේ තොවිලෙ හොඳට කලා කියලා වරදානත් ලැබිලා තියෙනවා. මේ වෙනෙකොට අදාල අයට රටේ ආරක්ෂක මූලස්ථානයට සම්බන්ධ ප්‍රධාන තනතුරකටත් 14 වෙනිදට කලින් පත්වීම ලැබී තිබෙන බවයි ආරංචිය.
ඒ අය මට කිවුවා ජම්පරේ අඳින්න කියලා. ඒක තමයි නීතිය. මම ඒ මිනිස්සුත් එක්ක ගැටෙන්න ගියේ නෑ. කණ්ඩායම් කිහිපයක්ම ඇවිල්ලා කිවුවා. ඒ ගොල්ලන්ගෙ රාජකාරිය අධිකරණයෙන් වරදකරුවෙකු කරලා එවපු කෙනෙකුට පොතේ තියෙන ඩියුටිය කරන එකනෙ. ඒක තමයි එ් ගොල්ලන්ගෙ රස්සාව. ඒ නිසා මේ හෙළිදරව් කිරීමෙන් පස්සෙ ඒ අයට ගෙදර යන්න වෙයිද දන්නෙ නෑ. එහෙම වෙන්න දෙන්නෙ නැහැ අපි ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා.
මම එළියට ඇවිල්ලත් කිවුවෙ මම රාජ්‍ය නීතියට අභියෝග කලෙත්  නෑ. භික්ෂූ නීතිය බිඳගත්තෙත් නෑ. එ් නිසා ඇතුලට ගිය ඥාණසාර හාමුදුරුවොමයි එළියට ආවෙ.
මාව එල්ලුම් ගහේ එල්ලුවත් ජම්පර් අඳින්නෙ නෑ. එයාලට ගරු කරලා මම එළියට නොබැහැ හිටියා. එයාලට කරන ගෞරවයක් විදියට මම සිවුර පැත්තකින් තියලා අඳනෙයි පටියයි බැඳගෙන තුවායක් කරේ දාගෙන මම හිටියා.

සම්පූර්ණ කතාව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment