ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වගේ ලංකාවම ඊහෙල්ත් සොෆ්ට්වෙයා එකට දැම්මම- බෙහෙත් හිගය නැතිවේවි


ඊ-හෙල්ත් කාඩිපත හදුන්වාදීමේ යෝජනාවලියට අනුව ව්‍යාපෘතිය ආරම්භක දින සිට මාස 04 ක් තුල රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු ඇතුලත් ඊ-හෙල්ත් කාඩිපත නිකුත් කිරීමට සුදානම් බව සුව ඇමැති පවසයි.

බොරැල්ල කාසල්විදිය කාන්තා රෝහලේ රෝහල් තොරතුරු කළමණාකරණ පද්ධතිය විවෘත කිරීම ඊයේ (22) පස්වරුවේ  සිදු කෙරිනි.  මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ කීය.
 “ඊ-හෙල්ත් ව්‍යාපෘතිය අපට දියත් කිරීමට සිදු වූයේ රෝහල්වල පවතින ඖෂධ හිගය හේතුවෙන්. දිනකට ඖෂධ වර්ග 44-79 අතර පුමාණයක් හිග වුනා.

එම නිසා අපි මෘදුකාංගයක් හදුන්වා දුන්නා. එම මෘදුකාංගය භාවිත කරමින් ඕනෑම රෝහලකින් ඖෂධ ගෙන්වා ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට හැකියාව තිබෙනවා.
මෙම ක්‍රමය පර්යන්ත රෝහල් දක්වා ක්‍රියාත්මක කළ යුතුයි. තව ද ඖෂධ හිගයක් ඇතිවුවහොත් එහි වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා බාරගත යුතුයි.
වර්තමානයේ කිසිදු ඖෂධ හිගයක් නැහැ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සියලුම ජනතාවගේ තොරතුරු පරිගණක ගත කර තිබෙනවා. එම පරිගණක ගත කිරීම සිදු කළ සමාගම විසින් ශ්‍රී ලංකාවේ මිලියන 21 ක් වන ජනතාවට ඊ-හෙල්ත් කාඩිපත හදුන්වාදීමට යෝජනා කර තිබෙනවා.
 එම යෝජනාවලියට අනුව ව්‍යාපෘතිය ආරම්භ කළ දින සිට මාස 04 ක් තුල අප රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය තොරතුරු ඇතුලත් ඊ-හෙල්ත් කාඩිපත නිකුත් කිරීමට සුදානම්. එමගින් වෛද්‍ය ප්‍රතිකාර කිරිමට විශාල පහසුවක් ලැබෙනවා.”
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment