මංගලට පළමුවරට එජාපයේ ලොකු පුටුවක්!
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමරවීර මහතා උප සභාපතිධූරයට පත්කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදිය.
වසර 30 කට පමණ පෙර මාතර ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස දේශපාලන කටයුතු ආරම්භ කළ මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රීපති සූරියආරච්චි මහතා සමග ආණ්ඩුවෙන් සහ ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගියේය.
ශ්‍රීලනිප මහජන පාර්ශ්වය ලෙස දේශපාලන කටයුතු සිදුකළ සමරවීර මහතා පසුව එක්සත් ජාතික පක්ෂයට එක් වූ අතර ඔහුට මේ වනතෙක් පක්ෂයේ ඉහළ තනතුරක් හිමි නොවීය.
0 comments :
Post a Comment