ඇඟ බේරගන්න කිව්වත් : මහින්දගේ හිතෙත් හිට්ලර්!


අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප්‍රකාශය ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් විවේචනය කරමින්  සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර  උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින පිංකමේදී සිදු කළ ප්‍රකාශයේ වචන කිහිපයක් ගෙන හැර දක්වමින් ඇතැමුන් මෙම විවේචන සිදු කර ඇති බවද පවසා ඇත.

එසේම ''අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිය ප්‍රකාශයේදී හිට්ලර් ලෙස හඳුන්වා ඇත්තේ ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට අවශ්‍ය කර ඇති බව යන්න'' ලෙස හිටපු ජනාධිපතිවරයා විග්‍රහයක්ද ඉදිරිපත් කොට ඇති අතර මේ වනවිට ඇතැම් දේශපාලඥයින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනු ඇතැයි බියෙන් පසුවන බවත් එබැවින් ඔවුන් මෙවැනි ප්‍රකාශයන් සිදු කරමින් සිටින බව ද සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය හෝ තමන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  'නෙත් නිවුස්' වෙත පවසා තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිය ආන්දෝලනාත්මක ප්‍රකාශය කලේ මහින්ද රාජපක්ෂ මහතා ද ඉදිරියේ තබාගෙනය.

වෙඬරුවේ උපාලි හිමිගේ අනුශාසනාවට වෙල්ගමගේ විරෝධය 

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉහත සඳහන් ආකාරයේ 'ඇඟ බේරාගැනීමේ' ප්‍රකාශයක් කල ද ඒකාබද්ධයේ ප්‍රධානියකු වන ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි.

අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි ඔහු පවසයි.

යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බව ඔහු අවධාරණය කරඇත.
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මහින්ද හිට්ලර්ව වක්‍රව පිළිගෙන 

කෙසේ වුවත් හිටපු ජනාධිපතිවරයාගේ මේ පැහැදිළි කිරීම හුදු ඇඟ බේරාගෙන යාමේ ප්‍රකාශයක් මිස හිට්ලර් කෙනෙකු වීම ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව විචාරක මතය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක හිට්ලර්  සෘජු තීරණ ගන්නෙකු ගැන නිදර්ශන ගත නොහැකි බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට තමන් තවමත් ගරු නොකරන බව අවිඥානිකව තහවුරු වීමක් බවද ඔවුන් පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment