අනුර කුමාරගේ ග්‍රීසි - බ්‍රිතාන්‍ය සංචාරය


ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධානක අනුර දිසානායක මහතා අද (21) පස්වරුවේ ග්‍රීසිය බලා පිටත්විය.

‘එතෙර අපි‘ නමැති

සංවිධානය ජුනි 24වනදා ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී පවත්වන්නට යන සමුළුවේ ආරාධිත දේශනය පැවැත්වීම සඳහාත් ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රිසියේ කමිටු සාමාජිකයින් මුණගැසී ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නාමම ගමන යොදාගෙන ඇත.
ග්‍රීසියේ සංචාරයෙන් අනතුරුව ලන්ඩනය බලා පිටත්ව යන ඒ මහතා ජුනි 30වනදා ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ජනතා විමුක්ති පරෙමුණේ බ්‍රිතාන්‍ය කමිටුව විසින් සංවිධානය කරන ලබන, 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ “ශිෂ්ටත්වය වෙනුවෙන් සම්මත කළ යුතු 20” සම්මන්ත්‍රනයේ ප්‍රධාන දේශනයද පැවැත්වීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment