මහින්දගේ විද්‍යාගාර 15ක් ගිනිඅරන්!



පසුගිය රජය සමයේ ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 15ක් මේවන විට ගිනිගෙන ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

මේවායේ ප්‍රමිතියකින් තොරව රැහැන් ඇදීම හා බාල උපකරණ යොදා ගැනීම මෙසේ මේවා ගිනි ගැනීමට හේතුවිය හැකි බව පෙන්වා දෙන ඒ මහතා අදාළ විද්‍යාගාරයක ගින්නක් ඇතිවුවහොත් ක්ෂණිකව ඒවා නිවා දැමීමට ගිනිනිවන උපකරණයක් හෝ නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය 24 වැනිදා කොටහේන ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ලේ ඇති වු ගින්නකින් ඉහළ මහළ සම්පුර්ණයෙන් විනාශයට පත්වූ බවද ඒ මහතා සඳහන් කළේය.

එහි තිබූ පරිගණක 40ක් ඇතුළු දේපල එම ගින්නෙන් විනාශයට පත්ව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

නාමල් හා ඊවිස් ගේම

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ද්විතීක පාසල් 1000කට විද්‍යාගාර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මහින්දෝදය විද්‍යාගාර ඉදිවූ අතර එහි පරිගණක කොන්ත්‍රාත්තුව ලබාදීම සම්බන්ධයෙන් ද ගැටලු මතුව තිබිණි.

මේ විද්‍යාගාර සඳහා උපකරණ ලබා ගැනීමට මුලින් කැඳවන ලද ටෙන්ඩරය අහෝසිකර පසුව යළි අලුතින් ටෙන්ඩරයක් කැඳවා හිටපු ජනාධිපති මහින්ද මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාට හිතවත් අයකුට ලබාදී ඇති බවට චෝදනා එල්ලවිය.

එසේ එම ටෙන්ඩරය ලබාගෙන තිබුණේ ඊ.ඩබ්ලිව්. ඉන්ෆොමේෂන් සිස්ටම්ස් (ඊ-විස්) ලිමිටඩ් (E.W. Information Systems (E-WIS) Limited) විසිනි.

එම ටෙන්ඩරය යටතේ ඔවුන්ට පාසල් 100කට රුපියල් මිලියන 708ක පරිගණක හා උපාංග සැපයීමට අවස්ථාව උදා වී තිබිණි.

ඉන් පසුව අදාළ කොන්ත්‍රාත්තුව එලෙසම තවත් අවස්ථා තුනකදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ප්‍රදානය කර තිබූ අතර අවසන් අවස්ථාවේ ඔවුන්ට ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාසල් 400කට පරිගණක හා උපකරණ ලබාදීමට අවස්ථාව ලබාදී තිබිණි.

ඒ අනුව ඊ.ඩබ්ලිව්. ඉන්ෆොමේෂන් සිස්ටම්ස් (ඊ-විස්) ලිමිටඩ් (E.W. Information Systems (E-WIS) Limited) විසින් රුපියල් මිලියන 4,956ක පරිගණක භාණ්ඩ හා උපකරණ අධ්‍යාපන අමාත්‍යංශයට සපයා තිබේ.

යහපාලනය ඇදී යටි පාලනයෙන් වැසුණු නඩුවක්

මේ ටෙන්ඩර් මගඩිය යහ පාලනය ආරම්භ වූ සැනින් මතුවූ විශාලතම වංචාවක් වන අතර එය කල්යත්ම නැවතත් වැසී ගියේය. කෙසේවුවද, මේ ටෙන්ඩර් ගනුදෙනුව වැසී යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් අධ්‍යාපන අමාත්‍යංශයේ මුල් පුටුවල තවමත් සිටින බැවින් බවද මේ අතර වාර්තා වේ.

ජෝසප් ස්ටාලිං මහතා කියා සිටියේ තම සංගමය ද මේ සම්බන් පැමිණිලි කර ඇතත් ඊට අදාළ ප්‍රති ඵල නැති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment