උපාධිධාරීන් 4,000ට පත්වීම්

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ 4,000ක් සඳහා එම පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පළමු අදියර යටතේ

අභ්‍යන්තර උපාධිධාරීන්ට මෙම පත්වීම් ලබාදීම සිදු කෙරෙන අතර දෙවන අදියර යටතේ 15,000ක් සඳහා මෙම පත්වීම් ලබාදීමේ සිදු කෙරෙන බව අද (25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එසේ බඳවා ගන්නා පිරිස සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට ද කටයුතු කෙරෙන බවත් බාහිර උපාධිධාරීන්ටද එම පත්වීම් ලබාදෙන බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment