30 ක් මරාදැමූ බෝම්බය සමග පකිස්තාන මහමැතිවරණය නිමවෙයි


පකිස්තාන ජාතික මන්ත්‍රණ සභාවට නියෝජිතයින් දෙසිය හැත්තෑ දෙදෙනෙකු සහ ප්‍රාන්ත හතරකට නියෝජිතයින් පන්සිය හැත්තෑ හත් දෙනෙකු තෝරා ගැනීමේ මැතිවරණය, අද පැවැත්වුණා.
මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ, පාලක පකිස්තාන මුස්ලිම් ලීගයේ අග්‍රාමාත්‍යවරයාව සිටි නවාස් ෂර්‍රෆ්
දූෂණ චෝදනා මත

සිරගත කරනු ලැබ සිටින අවස්ථාවකයි. හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි පක්‍ෂය පාලක මුස්ලිම් ලීගය සමග තියුණු තරගයක නිරතව සිටින බව, මැතිවරණ වාර්තා පෙන්වා දෙනවා.
හිටපු අගමැතිනියක වූ බෙනාසීර් භූතෝ ගේ පුත්‍රයා නායකත්වය දරන පී.පී.පී. පක්‍ෂය තුන්වැනි තැනට පත්වනු ඇති බවයි, සැලකෙන්නේ. “ක්වෙටා“ හි බෝම්බය අද පුපුරා ගියේ අට ලක්‍ෂයක පමණ පොලිස් බළකායක් මැතිවරණ ආරක්‍ෂාව සඳහා යොදවනු ලැබ තිබියදී.
මහ මැතිවරණ ඡන්ද විමසීම අතරතුර පකිස්තානයේ බෝම්බයක් පිපිරීමෙන් තිස් දෙදෙනෙකු අද මිය ගියා. “ක්විටා“ නගරයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ වගකීම බාරගන්නා බවයි, අයි.එස්.ත්‍රස්තවාදීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment