හෙට කරන්න හැදූ ගුරු වර්ජනය අත්හිටුවයි


 හෙට (26) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති
නායකයන් එකඟවී ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවති අතර,එහිදී ඇතිවූ එකඟතා මත මෙම අත්හිටුවීම සිදුව ඇත.

දේශපාලන පලිගැනීම් මුවාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් සිදුකර ඇති බවට චෝදනා කරමින් පිරිසකට අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතව තිබුනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment