මුලතිව් කැලේ අක්කර 800 ක් එළිකරන චීන සමාගමට එරෙහිව පැමිණිලි


මුලතිව් පුදුකුඩිඉරිප්පු මුංගිලාරු ප්‍රදේශයේ චීන සමාගමක් අක්කර 800ක උණ වගාවක් සඳහා භූමිය එළිපෙහෙළි කිරීමට එරෙහි මුලතිව් පළාතේ ස්වේච්ඡා සංවිධාන දෙකක් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිලි
කොට තිබේ. 

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එම්. ප්‍රදීපන් මහතාගෙන් ස්වේච්ඡා සංවිධාන කරුණු විමසු අවස්ථාවේදී ව්‍යාපෘතිය සඳහා තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාගම අවසර ලබාගෙන නොමැති බව පවසා තිබේ.

මුගිලාරු ප්‍රදේශයේ ඉඩම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අක්කර දෙසීයක නිවාස යෝජනා ක්‍රමයක් සඳහා වෙන්කොට තිබූ බවටද මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා පවසා තිබේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රකාශය අනුව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිල්ලක් කොට ඇත.
ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් වහාම මේ පිළිබඳව සොයා බලන මෙන් මුලතිව් දිසාපතිවරියගෙන්ද ඉල්ලීමක් කොට තිබේ. පැමිණිල්ලට අනුව මෙම කැලය එළි පෙහෙළි  කිරීම සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

-රසාදි චතුරංගි ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment