බේරේ වැව පිරිසිඳු කිරීම රෝසි අරඹයි

ඇල්ගී විශේෂයක් හේතුවෙන් අපිසුදු වී ඇති බේරේ වැව පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පෙරේදා (21) කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණි.
කොළඹ , හුණුපිටිය,

ගංගාරාම විහාරයේ විහාරාධිපති, ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ උපදෙස් මත සිවිල් සංවිධාන කිහිපයක් හා කොළඹ මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.  ගංගාරාම සීමාමාලකයේදී ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන ඇරඹුණු අතර, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් මෙහිදී බේරේ වැව සහ අවට පරිසරය පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත විය.  නගරාධිපතිවරිය එම කටයුතු නිරීක්ෂණය කරමින් වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, ඉන් අනතුරුව ඩෝසන්
වීදිය ආසන්න ප්‍රදේශයේ සිදුකෙරුණු පවිත්‍රතා වැඩසටහනද නගරාධිපතිවරියගේ නිරීක්ෂණයට ලක්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment