ධනුෂ්ක හා මිතුරා කොල්ලුපිටියේ හෝටලයකදී මාව අපයෝජනය කළා -නෝර්වේ තරුණිය කියලා

http://www.gossiplankanews.com/2018/07/dhanushka-gunathilake-norway.html
යේ තරග තහනමට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය කඩකිරීමේ චෝදනාවට ලක්ව තිබෙන අතර තරුණියක අපයෝජනය කිරීමක් ලෙස හඳුනාගන්නට ලැබෙන එම සිදුවීමට අදාළ විස්තර අද වනවිට වැඩිදුරටත් වාර්තාවේ.
මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි 23 හැවිරිදි නෝර්වේජියානු තරුණියකි. ඇය
ඊයේ 22 නැවත සිය රට බලායාමට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ පොලිස් මුරපොළ වෙත පැමිණ තමන්ට සිදුවූ ඇබැද්දිය පිළිබඳ පැමිණිල්ලක් කර තිබුණි. ඇය පවසා ඇත්තේ තමා කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ හෝටලයක නවාතැන්ගෙන සිටි බවත් ලංකාවේදී හමුවූ තරුණයන් දෙදෙනෙකු

තමාව අපයෝජනය කළ බවත්ය. සිදුවීම සිදුවූයේ 21 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බවත් ඇය දන්වා තිබුණි. අපයෝජකයින් හඳුනාගන්නට හැකිදැයි ඇගෙන් කළ විමසීමේදී ඇය පවසා ඇත්තේ එක් අයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ධනුෂ්ක ගුණතිලක බව තමාට හඳුනාගත හැකි බවත් අනෙක් පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා තිබෙන ශ්‍රී ලාංකිකයෙකු බවත්ය.

ඇගෙන් ලද විස්තර අනුව 26 හැවිරිදි එකී තරුණයා නාවල පදිංචි කරුවෙකු වූ අතර කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි. ධනුෂ්ක ගුණතිලකව තවම අත්අඩංගුවට ගෙන නැත.

සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දැනුවත්වීමෙන් පසු ධනුෂ්ක සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවක් කළ අතර සෙනසුරාදා දිනයේ ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් රාත්‍රී බැහැර ගොස් සිටි බව ඔප්පුවී ඇත. ආයතන නීති අනුව තරග පැවැත්වෙන කාලසීමාවේදී මේ ආකාරයට රාත්‍රී 10 පසුවී අවසරයකින් තොරව ගමන් බිමන් යාම තහනම්ය. සිද්ධිය පිළිබඳ ඔහුව විනය පරීක්ෂණයකට යොමු කරන බවද ක්‍රිකට් ආයතනය දන්වා ඇත.
ඔහුට මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසු ඊළඟ තරගය අහිමි වන අතර තරග ගාස්තු තහනමක් පැනවීම ගැනද සලකා බලා ඇත.
සිද්ධිය තහවුරු වන්නේ නම් ධනුෂ්කට වසරක් දක්වා ක්‍රිකට් තරග තහනමක් පනවන්නට ආයතනයට හැකියාව ඇති බවද පැවසේ.සිද්ධියට අදාළ සාක්ෂි ගවේෂණය කර විදෙස් කාන්තාවට සිදුවූ අතවරය සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment