බළන්ගොඩ අතුරුදන් දරුවා සොයන්න විද්‍යාත්මක පරීක්ෂණ


බළන්ගොඩ සමනලවත්ත ආසන්නයේ පිහිටි ශ්‍රීපාඳ අභය භූමිය අතුරුඳන් දස හැවිරිදි දරුවා සෙවීමේ යුද හමුදා සහ
පොලිස් මෙහෙයුම නවත්වා විද්‍යාත්මක පරික්‍ෂණ ඔස්සේ දරුවා සෙවීම් කටයුතු ඊයේ (24) ආරම්භ කළ බව බළන්ගොඩ  පොලීසිය පවසයි.
බළන්ගොඩ සමනලවත්තේ පදිංචිව සිටි පහන් කුමාර ධර්මසිරි නැමැති මෙම දරුවා නිවස පිටුපස පිහිටි ශ්‍රීපාද
අභයභූමියේ දර කැඩීමට ගිය සිය පියා සොයා නිවසින් පිටවීම ගොස් මේ වනවිට දින පහක් ගතවී ඇත. කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙබළුන් ඇතුළු පනස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ද රත්නපුර, බළන්ගොඩ සහ වේවැල්වත්තබ යන පොලිස්ථානවල පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද සාමාන්‍ය

වැසියන් ද දින දෙකක් තිස්සේ විශාල ප්‍රදේශයක සෙවීම් සිදු කළද අතුරුදන් දරුවා සම්බන්ධයෙන් කිසිඳු හෝඩුවාවක් නොලැබුණු බව බළන්ගොඩ පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

මේ නිසා දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය විද්‍යාත්මක පරික්‍ෂණ ආරමිභ කළ බවත්, බළන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජේ.ඩී.ඩී.පී. ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරික්‍ෂණ සිදුකෙරෙන බවක් ස්ථානාධිපතිවරයා කීවේය. ඊට අමතරව ප්‍රදේශවාසීන් ද වනාන්තරයේ සොයා බැලීම් සිදුකරන බව ඔහු පැවැසීය.

23 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී වනාන්තරයේ තිබූ දිවියන් විසින් කා දමන ලද විශාල ගෝනෙකුගේ සිරුරක් යුද හමුදා සහ පොලිස් කණ්ඩායම් වලට හමුවිය.
සමනලවන්ත ප්‍රදේශයේ කාලගුණය අධික සීතලෙන් යුක්තය. නිතරම මීදුමෙන් වැසී පවති. කැලෑවේ සිටින දිවියන් නිතරම ගම් වදින බවත් ගෙවල්වල ඇති කරන බල්ලන්, කුකුළන්, එළුවන් වැනි සතුන් මරා දැමූ බවත් ගම්වාසීහු කීහ. කෙසේ වෙතත් මෙම දරුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ මේ වනවිට පරික්ෂණ අරඹා ඇති බව ද පොලිසිය කියයි. වන සතෙකුගෙන් දරුවාට හානියක් වී ඇද්ද නැත්නම් වෙනත් ආකාරයේ කරදරයක් වී ඇද්ද යන්න ගැන මෙම විමර්ශන සිඳු කරන බව ද පොලිසිය කියයි.

(අජිත්ලාල් ශාන්තඋදය, බළන්ගොඩ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ සහ රාස්සගල සමිපත් ප්‍රියනන්දන)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment