හෝමාගම රෑට රෑට නිරුවතින් මන්නයක් අතින් අරන් යන මිනිසෙක්

රාත්‍රී කාලයේ හා අලුයම් කාලයේ නිරුවතින් සැරිසරන ග්‍රීස්‌ යකෙකු නිසා හෝමාගම පනාගොඩ රණවිරු ගම්මානය, රොමියෙල් මාවත, පැළඳගොඩ, කපුරුගොඩ යන ප්‍රදේශවල කාන්තාවන් අඳුරු වැටීමෙන් පසු නිවසින්වත් බැහැරට යාමට බියක්‌ දක්‌වන බව ප්‍රදේශවාසීහු පවසති.  මාසයක පමණ කාලයක සිට මෙම  පුද්ගලයා සැරිසරන බව කියති.
ඇතැම් නිවෙස්වල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා   දර්ශන ඔස්සේ මෙය සනාථ වී තිබේ.

 මේ බව අතුරුගිරිය පොලිසියට දැනුම් දී තිබෙන බව පවසන ප්‍රදේශවාසීහු මාසයක පමණ කාලයක සිට එම ප්‍රදේශවලට මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද පවසති.


 රාත්‍රී 7 ත් 10 ත් අතර හා අලුයම 2 ත් 5 ත් අතර මෙම නිරුවත් පුද්ගලයා අදාළ ප්‍රදේශවල සැරිසරා ඇති බව ඇතැම් නිවස්‌වෙල සවිකර තිබූ සී. සී. ටී. වී කැමරා දර්ශන ඔස්‌සේ සනාත වී තිබේ.

 මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිලිවලට අනුව අතුරුගිරිය පොලිසිය මෙම නිරුවත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මෙම නිරුවත් පුද්ගලයා මන්නයකින් සන්නද්ධව විදුලි පන්දමක්‌ අතැතිව ගමන් කරන බවට කාන්තාවන් කීප දෙනෙකු දැක තිබෙන අතර එම කාන්තාවන්ගේ කෑගැසීමට අනුව ඔහු එකවරම අතුරුදහන් වන බවත් ඉන්පසු සොයාගත නොහැකි ආකාරයෙන් පලායන බවත් ප්‍රදේශවාසීහු පවසති.

මෙම නිරුවත් පුද්ගලයා දුටු ප්‍රදේශයේ  කාන්තාවන් පවසන්නේ ඔහු හැඩිදැඩි තරුණ වියේ පසුවන්නකු බවයි. නිවෙස්වල නාන කාමරවලට කවුළු තුළින් එබී බලන මෙම පුද්ගලයා එවැනි දර්ශන ජංගම කැමරා මඟින් ඡායාරූප ලබාගෙන ඇතැයි ද පැවැසේ.


-ඉනෝකා උදයාංගනී-ඇනටන් ප්‍රනාන්දු-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment