ස්කූල් වෑන් එක බස් එකේ හැපී සිසුන් දෙදෙනෙකුට බරපතලයි



පාසල් ළමයින් හා ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් හා පෞද්ගලික බස්රථයක් ගින්ගත්හේන-මහනුවර ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේදී ඊයේ (24) ප.ව. 05.00 ට පමණ මුහුණ, මුහුණ
ගැටීමෙන් පාසල්

සිසුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
ගිනිගත්හේන මැදි විදුහලේ අධ්‍යාපනය ලබන සිසුවන් දෙදෙනෙක් මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
පාසල් සිසුන් හා ගුරුවරුන් රැගත් වෑන් රථය ගිනිගත්හේන සිට අඹගමුව දක්වාත්, පෞද්ගලික බස් රථය නාලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.
වෑන් රථයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පවසයි.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment