2020 ලංකාවෙදි හදන ජපන් ඉලෙක්ට්‍රික් ත්‍රීවීලර් එකට ටෙස්ට් රන් එකක්

ලංකාවේ මේ වනවිට බහුලම වාහන විශේෂය බවට පත්ව තිබෙන ත්‍රීරෝද රථ ඉන්ධන මගින් ධාවනය වෙනුවට අනාගතයට පියවරක් තබමින් 2020 සිට ඉලෙක්ට්‍රික් රථ බවට පත්කරවන්නට රජය සූදානම්ව සිටී. ඇමති මංගල සමරවීර එහි පරීක්ෂණ ධාවනයකට එක්වූ ඡායාරූපද සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබේ.
ජපන් - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මත
ඉන්ධන අතහැර පරිසර හිතකාමි ත්‍රීරෝද ක්‍රමයක් තමා හඳුන්වාදෙන බවත් මේවා ලංකාවේදීම නිර්මාණය වනු ඇති බවත් එහිදී ඔහු සඳහන් කර තිබේ.
පැරීසියේ ගිවිසුමෙහි කොටසක් ලෙස, 2020 වන විට ප්‍රවාහන අංශය තුළ හරිතාගාර වායු විමෝචනය 10% කින් අඩු කිරීමට පොරොන්දු වී ඇති නිසා මෙම

ක්‍රමයට යන බවද දන්වා තිබේ.

ජපන් විදුලි ඉංජිනේරු සමාගමක් වන ටී-සැල් ඉන්කෝපරේෂන් විසින් මෙම විදුලි රථය සංවර්ධනය කර තිබෙන්නේ ලංකාව වෙනුවෙන්මය.එහි ඉදිරිපස රෝද දෙකක් හා පසුපස එක් රෝදයක් තිබීම විශේෂිතය.

මේ ආකාරයේ විදුලි ත්‍රී රෝද රථ කිහිපයක් පසුගිය කාලයේ ටොයොටා සමාගමද අත්හදා බලා තිබුණ නමුත් ඒවායේ ප්‍රමාණය විශාල නැත. නමුත් ටී සැල්  රථ වර්තමාන භාවිතා කරන ත්‍රීරෝද රථ තරමට ඉඩකඩින් යුතුය.

එහි ජීපීඑස් ඇතුළු වර්තමාන රථවල නැති පහසුකම් රැසක්ම අන්තර්ගතවනු ඇත.
2020 වසරේදී ටෝකියෝ ඔලිම්පික් තග පවත්වන වසරේදීද 2020 දී මැද භාගය වන විට මෙම රථ ලංකාවේදීම නිෂ්පාදනය කරනු ඇතැයි වාර්තාවේ.
"ශ්‍රී ලංකාවේ විදුලි කාර්මික වාහන ඉන්පසු ජපානයට අපනයනය කිරීමට ටී-ප්ලෑන් බලාපොරොත්තු වන බවටද සැලසුම සඳහන් කරන බවත් එය දැනගැනීම ඉතා සතුටට කාරණයක්" යනුවෙන්ද ඇමතිවරයා පවසා තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment