අතවර සිද්ධියට ධනුෂ්ක ගුණතිලකව ප්‍රශ්න කර නැහැ


පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් නෝර්වේජියානු ජාතික තරුණියක අපයෝජනය කළ බවට චෝදනා ලබා එම සිද්ධියට අදාළව පමාවී නවාතැනට පැමිණීම නිසා  ක්‍රිකට් තරග තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නැති බව කොල්ලුපිටිය පොලිසිය දන්වා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්

පැවැත්වූ විමර්ශනවලදී සැකපිට අත්අඩංගුවට පත් 26 හැවිරිදි ශ්‍රී ලාංකික සම්භවය ඇති බ්‍රිතාන්‍ය ජාතික සංදීප් ජූඩ් සෙල්ලයියා නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු හෙට 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු ද ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඔහු ධනුෂ්කගේ මිතුරෙකු බවත් වාර්තා විය.
තරුණිය සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කරගෙන හෝටලයකට කැඳවාගෙන ඇත්තේ ධනුෂ්ක බවත් ඇයට ආහාර ලබාදී එම හමුව සඳහා හෝටල් කාමරය වෙන්කර පහසුකම් සපයා ඇත්තේද ධනුෂ්ක බවත් හෙළි විය.
නමුත් අතවරය සිදු කර ඇත්තේ සංදීප් ජූඩ් සෙල්ලයියා වන බැවින් සිද්ධියට අදාළව ඔහු පමණක් අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා ඇත.
ධනුෂ්කගෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමසා නැත
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment