සුදු ලේනුන් දෙදෙනෙක් අරණායක නිවසකට ඇවිල්ලා

අරණායක සැලව බටහිර ප්‍රදේශයේ නිවෙසට අහම්බෙන් පැමිණි දුර්ලභ ගණයේ සුදු ලේනුන් දෙදෙනකු අපට දක්නට ලැබිණි. සැලව බටහිර පදිංචි පී.ජී. සෙනෙවිරත්න බණ්ඩා මහතාගේ නිවසට මාස කීපයකට පෙර මෙම
ලේනුන්

දෙදෙනාගෙන් එක් සතකු පැමිණ ඇති අතර එම සතා නිවෙසට පැමිණ නිවසියන්ගේ සුරතලකු බවට පත්ව සිටින අතරවාරයේ මීට සති කීපයකට පෙර තවත් එවැනිම සුදු ලේනකුද පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට නිවෙසේ අස්සක් මුල්ලක් නෑර සැරිසරමින් කෙළිදෙළෙන් පසුවන බව සෙනවිරත්න මහතා අප සමඟ පැවසීය.

මොවුන්ගේ විශේෂත්වය වනුයේ සුදු පැහැයෙන් යුක්ත වීමය. මොවුන්ට එම නිවෙස තුළ රැඳී සිටීමට විශේෂ ස්ථානයක් නොමැති අතර නිවෙසේ කොතැනක හෝ රාත්‍රි කාලය ගත කර නිවසේ කනබොන දෑවලින් සප්පායම් වී දිවා කාලය ගත කරන බවද අපට වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment