LED විදුලි බල්බ රජයෙන් සහන මිලට

අඩු විදුලි පරිභෝජනයක් සිදු කරන විදුලි පාරීභෝගිකයන්ට එල්.ඊ.ඩී. (LED) විදුලි බල්බ සහන මිලට සැපයීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා එල්.ඊ.ඩී.

බණ්බ. ලක්ෂ 100ක් මිලදී ගැනීමට නියමිතය.

සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ මෙසේ බෙදාහැරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට ලබාදීමට වියට්නාමයේ සමාගමකට (M/S. Rang Dong Light Source and Vacuum Flask සමාගමට පැවරීමටද කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment