විනිසුරු ඉලංචෙලියන්ගෙන් සැරයන් හේමචන්ද්‍රගේ දරුපවුලට නිවසක්

https://www.gossiplankanews.com/2018/07/illanchelian-house-build.html#more
යාපනයේ මහාධිකරණ විනිසුරු වශයෙන් සේවය කළ මානික්කවාසගර් ඉලන්චේලියන් මහත්තාගේ පොද්ගලික ආරක්ෂකයාව සිට මියගිය පොලිස් සැරයන් සුනිල් හේමචන්ද්‍ර  මහතාගේ බිරියට හා දරුවන්
දෙදෙනාට මහාධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලීම මත හිතවතුන් පිරිසක් නිවසක් ඉදිකොට දී තිබේ. ඉලංචේලියන් මහතාව ඉලක්ක කරගෙන පිස්තෝලකරුවකු 2017 ජුලි මස 22දා යාපනයේ නල්ලුර් ප්‍රදේශයේදී වෙඩි තැබූ අවස්ථාවේදී එම වෙඩි පහරට හසු වී සැරයන් හේමචන්ද්‍ර මහතා මියගියේය. මෙම 

සැරයන් සුනිල් හේමචන්ද්‍ර මහතා මියගිය දිනයේදීම ඔහුගේ  දරුවන් දෙදෙනාගේ වගකීම ඉලන්චේලියන් මහාධිකරණයට විනිසුරුවරයා භාරගන්නා ලද්දේ‍ සැරයන්වරයාගේ බිරියට වැඳ නමස්කාර කොට සමාව ඉල්ලා මහ හඬින් විලාප තබමිනි.

සැරයන් හේමචන්ද්‍ර මහතා මියගොස් ලබන විසි දෙවැනිදාට වසරක් පිරීම නිමිත්තෙන් ඔහුගේ හලාවත කුමාරකටුවේ පිහිටි අඩක් වැඩ නිමකොට තිබූ නිවෙස රුපියල් ලක්ෂ විස්සක් වියදම් කොට සම්පූර්ණයෙන් ඉදිකොට ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයාගේ යහළුවන්ය. යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේදී ඉලන්චේලියන් මහතාගේ සමකාලීන මිතුරන් පිරිසක් එංගලන්තය, ජර්මනිය, ඇමෙරිකාව හා කැනඩාව යන රටවල සිට මුදල් ලබාදී තිබිණි. සැරයන් සුනිල් හේමචන්ද්‍ර මහතා මියගොස් පළමු වසරේ දානමය පින්කම කිරීමට අවශ්‍ය බැවින් එම නිවෙස හේමචන්ද්‍ර සැරයන්වරයාගේ බිරිය හා දරු දෙදෙනා වෙත මේ වනවිට භාරදී තිබේ.

-රසාදි චතුරන්ගි ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment