මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාල ක්‍රියා මාර්ග ගන්නා ලෙස එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන වලට උපදෙස් ලබා දී ඇති බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්වය පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියර පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදි කිරීමට ජපානයෙන්
එසේම හැටන් – නුවරඑළිය මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීම, පානදුර මුහුදු බඩ මාර්ගය දීර්ඝ කිරීමේ කටයුතු මෙන්ම දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත මාර්ග වල නව පාලම් 46ක් ඉදිකිරීමටත්, සෙසු ග්‍රාමීය මාර්ග කඩිනමින් නවීකරණය කිරීම යන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට කටයුතු යොදා තිබේ.
අදාළ අමාත්‍යංශ සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවද ජාතික ප්‍රතිපත්ති සහ
කාර්මික සංවර්ධන ගම්මාන සහ කුඩා කාර්මික ගම්මාන වැඩි දියුණු කිරීමටත්, ව්‍යවසාය ගම්මාන ශක්තිමත් කිරීමටත්, ඇගලුම් පදනම් කරගනිමින් කුඩා කර්මාන්ත හරහා කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමටත්, රජය තීරණය කර ඇති අතර දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු මඟින් සිදු කරන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
පොලොන්නරුව, මොරටුව, දෙනියාය, බේරුවල, මාතර, මහරගම ඇතුළු ප්‍රදේශ රැසක රෝහල් පහසුකම් ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින අතර ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති වලින් වැඩි ප්‍රමාණයක් ලබන වසර තුල ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙස රජය අදාල අංශ වලට උපදෙස් ලබා දී ඇති බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසිය.
0 comments :
Post a Comment