ඉන්දික රෑ කාමරයේ නිසොල්මනේ හිටියා කතා කළේ නැහැ

පෙරේදා රාත්‍රී හදිසියේ සමුගත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළු ඉන්දික ගිනිගේ පුද්ගලික හේතුවක් මත සියදිවිනසාගන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඊයේ සවස වනවිටත් අවසන් කර නොතිබිණි.
මිය යන විට ඔහු 37 වැනි වියෙහි පසුවූ ඉන්දික මෑත කාලයේ ටෙලිනාට්‍ය රංගනයෙන් ඉවත්වී සිටි අයෙකි. නමුත් 2001 සිට 2015 පමණ දක්වා ඔහු ටෙලිනාට්‍ය 60 කට ආසන්න පුමාණයකට
දායකවූ නළුවෙකි.
සිය විවාහයේ ඇතිවූ අර්බුද වලින් පසු බිරිය ඔහු හැර දියණිය සමග විදෙස් ගතවූ පසු ගිනිගේ මහතා මහනුවර දොඩම්වල, අණිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටියේ පියා සමගයි.
සිද්ධිය වූ පෙරේදා ඔහු සිටි කාමරයෙන් කිසිදු ශබ්දයක් නොමැතිවූ නිසා ඔහුගේ පියා කාමරයේ දොර විවෘත කර බැලීමේදී

ඔහු නිසොල්මනේ ඇඳේ වැතිර සිටිනු දුටු බව සාක්ෂි දී තිබේ.එම අවස්ථාවේ පියා ඔහුට කථාකර ඇතත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.

එම නිසා අසල්වැසියන්ගේ සහායෙන් ඔහු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර රෝහලට ඇතුළත් කිරිමේදී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහු මියගොස් ඇති බව දැනුම් දී තිබිණි.
ගිනිගේ මහතා මිය යාමට පෙර කිසියම් ඖෂධයක් අධිකව පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වුවද පශ්චාත් මරණ පරික්ෂණයන් ඒ බව තවම හෙළි කර නැත.

ඉන්දික ගිනිගේ මහතා ටෙලිනාට්‍ය 60 කට වැඩි සංඛ්‍යාවකද චිත්‍රපටි තුනක පමණද රඟපා ඇත. ඔහුගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක්ද මීට වසර කිහිපයකට පෙර එළිදක්වා ඇත. මෙම මායා , සේයා, පූජාසනේ, සිටුමැදුර සහ ඉස්සරහා ගෙදර ඔහු රගපෑ ටෙලි නාට්‍යවලින් කිහිපයකි.  සෙනසුරු මාරුව සහ සැලමුතු පින්න යන චිත්‍රපටවලද ඔහු රඟපා තිබිණි.

වසර 10 කට ආසන්න කාලයක සිට ඔහු රඟපැමෙන් ඉවත්ව සිටියේය. ඔහු සිය පුද්ගලික ප්‍රශ්න නිසා මත්පැනට ඇබ්බැහිව සිටි බවද මිතුරන් දන්වා තිබේ. ඔහු එක්දරු පියෙකූ වූ අතර එකම දියණිය ඔහුගෙන් දුරස්වූ මව සමග සිටී.
මියගිය ඉන්දික ගිනිගේ මහතාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ පස්වරුවේ මහනුවර මහ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ඔහුගේ දේහය පෙරේදා රාත්‍රියේ සිට මහනුවර ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (25) පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment