පොලිසිය පැන්න අම්බලන්ගොඩ ෆේස් බුක් කුඩු පාටියේ නි.ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමත් හිටිය කතාව

සුගිය 14 වනදා අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ මත්පැන් මත්කුඩු සාදයකට පොලිසිය පැන්න බවත් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාර්තා විය. නමුත් මාධ්‍ය බහුතරයක එහි සිටි විශේෂ පුද්ගලයෙකු ගැන ආරංචිය සැඟවී තිබුණ අතර
පසුව වාර්තාවූයේ එම සාදයට නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමද සහභාගී වෙමින් සිටි බවයි. ඔහු වැටළීම සිදුවන්නට සිළු මොහොතකට පෙර එම සාදයෙන් පිටව ගොස් තිබුනේ රාත්‍රී 9.30 ට පමණ බවද වාර්තා වී තිබුණි.
ෆේස් බුක් මිතුරු සමාජ හරහා සන්නිවේදනය කර මෙම සාදය පවත්වා තිබුනේ

එවැනි කටයුතු නිතරම සිදු කරන පිරිසකි. නීති විරෝධී මත් ද්‍රව්‍ය භාවිතා කරන නිසාදෝ එම සාදයේ ආරක්ෂාවට සංවිධායකයින් විසින් දේශපාලනඥ හිතවත්කම්ද උපකාර ලෙස පාවිච්චි කරන ලද බවත් ඒ අනුව යාබද දේශපාලනඥයින් කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබුණ බවත් පැවසිණි.

ඩිස්කෝ ඩාන්ස් නමින් නම් කර සිද්ධිය වූ දින රාත්‍රී 7 ට පමණ මෙම සාදය ඇරඹී තිබූ අතර ෆේස් බුක් ඔස්සේ ආරාධනය ලද සිය ගණන් තරුණ පිරිස් හෝටලයට එන්නට වූ බව කියැවේ. හෝටලය වෙත පාර දෙපස ඇතැමුන් රැඳී සිටිමින් මත්කුඩු උරමින් සිටින බව මේ අතරවාරයේ අසල්වාසීන්ට දැකගන්නට ලැබී තිබේ.

මෙම දුරාචාර ක්‍රියා ඉවසන්නට බැරිවූ අසල්වැසියෙකු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියට ඇමතුමක් ගෙන මේ ගැන දන්වා තිබුණි. ඒ අනුව පොලිස් සුනඛ තාරාද කැටුව පොලිස් කණ්ඩායමක් ඒ වෙත ගිය අතර පැමිණිල්ල සනාථ කරමින් නීති විරෝධී මත්දුව්‍ය සමග තරුණයින් 18 දෙනෙකු පොලිසියට අල්ලාගන්නට හැකිව තිබේ.
මේ අතරවාරයේ මෙම ස්ථානයේ නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමද සිට ඇති බවත් ඔහු හිමින් සීරුවේ එතැනින් ඉවත්ව ගොස් ඇති බවත් කරුණු පළ විය. නමුත් මාධ්‍ය මගින් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමේදී එය ප්‍රතික්සේප කර තිබුණි.
‘ඔය කියන සාදය සංවිධානය කරන්න මගේ කිසිම සම්බන්ධයක් නෑ. මං සහභාගි වුනෙත් නෑ. එහෙම දෙයක් මම දන්නෙත් නෑ‘ ඔහු දැන් කියයි.
අත්අඩංගුවට ගත් තරුණයින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment