ඊයේ රැජිණ පාර ගාව ගිනිගත් වාහනය සෞන්දර්ය කථිකාචාර්යවරයකුගේ

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු පැදවූ මෝටර් රථයක් ඊයේ (23දා) ආර්.ඒ. ද මෙල් මාවත රැජන පාර හන්දියේදී හදිස්සියේ ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය
කියයි.අනතුරින් කථිකාචාර්යවරයාට තුවාල  සිදුවී නැති බව පොලිසිය කියයි.


මෝටර් රථය කොල්ලුපිටිය සිට බම්බලපිටිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථයේ ඉදිරිපස කොටසින් ගින්න හටගෙන ඇති බව පොලීසිය සිදු කළ මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත. මේ හේතුවෙන් ආර්.ඒ ද මෙල් මාවත රැජන  පාර හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් ද  ඇති විය. ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැත. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජේ.එස්.කේ. වීරසිංහ මහතා පරීක්‍ෂණ පවත්වයි.

-චාමර අමරසුරිය- , -එම්.සී. පෙරේරා- , -සුනිල් ශාන්ත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment