ජනාධිපති අපේක්‍ෂකත්වයට බැසිල් පත් කිරීමේ සැලසුමක් !




2020 ජනාධිපති අපේක්‍ෂක ධුරය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නොදී බැසිල් රාජපක්‍ෂ මහතා පත් කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව 'මවුබිම වෙනුවෙන් රණවිරුවෝ' නමැති සංවිධානයේ කැදවුම්කරු හිටපු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

තමන් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවත් ඉන් ඉවත් වන බවත් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු එබව සදහන් කර ඇත.

ජනාධිපති අපේක්‍ෂක ධුරය සම්බන්දයෙන් මේ වන විට පැහැදිලිවම පක්‍ෂය තුල කඳවුරු දෙකක් ඇති බවත් කුමාර වෙල්ගම මහතා විපක්‍ෂනායක කරන්නැයි යෝජනා එන්නේ ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් තනි මතයට අනුව 'පොහොට්ටු පක්ෂය' මෙහෙයවන බවට ඔහු චෝදනා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment