ජැක්සන් දරු තිදෙනාම එකම දිනයක යුග දිවියට

ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනාගේ විවාහයන් හා දියණියගේ දෙවන විවාහය එකම දිනයක සිදු කරන්නට කටයුතු සූදානම් කර ඇති බවත් ලබන 2019 ජනවාරි 18 වනදා කලා ශිල්පීන් දේශපාලනඥයින් ඇතුළු පිරිස් ගෙන්වා මෙම සුවිශේෂ මංගල උත්සවය පවත්වන්නට සැලසුම් කර ඇති බවත් ජැක්සන්ගේ බිරිය කුමාරි මුණසිංහ හෙළිදරව් කර තිබේ.
ඇය පවසන ආකාරයට
මෙම දරුවන් තිදෙනාම අඩු වයස් පරතරයකින් යුතු අය බැවින් විවාහ වයස එකට එළැඹි බවත් මෙම විවාහයන් වෙන වෙනම සිදු කරනවාට වඩා මෙවැනි එකවර විවාහයක් සිදු කිරීම වඩා අලංකාර වනු ඇතැයි තම පවුල කල්පණා කළ බවත්ය. දැනට ඇගේ පුතුන් දෙදෙනාම පෙම්වතියන් සොයාගෙන ඇති අතර

පළමු විවාහය අසාර්ථක වීමෙන් පසු මාධවී වත්සලා දියණිය වෙනත් සහකරුවෙකු සොයාගෙන ඇත.

සරසවි අධ්‍යාපනය ලබන බාල පුතු ඔහුගේ පෙම්වතිය සමග ලබන වසරේ විදෙස්ගතවී අධ්‍යාපනය ලබන්නට නියමිත නිසා එසේ යාමට පෙර විවාහය සිදු කළ යුතු යයි වැදගත් වූ නිසා ඔවුන් තිදෙනාගේම විවාහය තරමක් ඉක්මණ් වූ බව පවසන කුමාරි ලබන ජනවාරි 18 වනදා මෙම මංගල උත්සවය සිදු කරන්නට තීරණය කළ බව දන්වා සිටී.

කුමාරි මුණසිංහ බෞද්ධ වුවත් ජැක්සන් හා දරු තිදෙනාම කතෝලික ආගම අදහන අතර විවාහය සඳහා සම්බන්ධ වන තිදෙනාම බෞද්ධාගමිකයින්ය. ඒ නිසා මෙම විවාහය කතෝලික මෙන්ම සිංහල බෞද්ධ චාරිත්‍ර සියල්ල සමග පවත්වන්නට සූදානම් කළ බව ඇය කියා සිටී.
දේවස්ථානයේ මංගල්‍යය උත්සවය මෙන්ම පෝරුවේ චාරිත්‍ර සහිත ශාලාවේ පවත්වන මංගල උත්සවයක්ද මෙයට ඇතුළත්ය.

තම පවුලට සම්බන්ධ වන තිදෙනා ගැන පවසා ඇති කුමාරි තිදෙනාම උපාධිධාරීන් බවත් දුව විවාහ වන්නේ ගුවන් සේවයක රැකියාව කරන අයකු බවත් පවසා ඇත. මැද පුතාගේ මනාලිය රැකියාවක නිරතවී දැන් ඉන් ඉවත්ව සිටින්නියක යයිද බාල පුතුගේ මනාලිය නර්තනයට සමත්කම් දක්වන්නියක බවද ඇය කියා සිටී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment