නව ස්ථානීය දඩ පත්‍රිකාව අද සිට : බස් හිමියන් විරුද්ධයි : බස් මගීන් පක්ෂයි.



නව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ නව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත් වන බවයි.

මීට පෙර පැවති දඩ පත්‍රිකාවේ වැරදි 23ක් පැවති අතර එහි ඇතුළත්ව තිබූ වැරදි තුනක් නව දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර නව ස්ථානීය දඩ පත්‍රිකාවට අනුව අවම දඩය රුපියල් 500 දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

බස් හිමියන් විරුද්ධයි

කෙසේවෙතත් මෙම නව දඩ පත්‍රිකාවට විරෝධය පල කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙමගින් බස් කර්මාන්තය ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය බරපතළ ගැටලුවකට මුහුණදෙන බවයි.

බස් මගීන් පක්ෂයි

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ තම සංගමය මෙම නව දඩ පත්‍රිකාවට පක්ෂ බවයි.

කෙසේ නමුත් පාපුවරුවේ ගමන් කිරීම සහ ප්‍රමාණයට වඩා මගීන් පැටවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දඩය ඉහළ දැමීමට පෙර ඇතැම් බස් මාර්ග සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ එක් කල යුතු බව ද එම සංගමය වැඩිදුරටත් පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment