ITN ප්‍රබල ඇමතිවරයෙකුට විකිණීමේ සැලැස්මක් ගැන සුදර්මන්ගෙන් හෙළිදරව්වක්!


ස්වාධීන රූපවාහිනී ආයතනය ආණ්ඩුවේ ඇමතිවරයෙකුට විකිණීමට සැලසුම් සිදුවෙමින් පවතින බව මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩ මහතා ඊයේ (24) පැවසීය.

‘යුක්තියට හඬක්’ සංවිධානය මගින් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“රේටීන්වලට නොම්බර එකට හිටපු ස්වාධීන රූපවාහිනිය අද නොම්බර් 06 ට 07 ට වැටිලා තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා ස්වාධීන රූපවාහිනය පැත්තෙන් ගත්තොත් ඇයි ස්වාධීන රූපවාහිනිය පාඩු ලබන්නේ අපි හම්බන්තොට වරාය ගත්තොත් පාඩුයි පාඩුයි කියලා චීන සමාගමකට අනු නව අවුරුද්දකට බද්දට විකුණුවා. දැන්න මත්තල ගුවන්තොටුපොළ පාඩුයි පාඩුයි කියලා ඉන්දියාවට විකුනන්න යනවා. මාධ්‍ය ආයතනයක් වෙච්ච ස්වාධීන රූපවාහිනියත් පාඩුයි පාඩුයි කියලා කාට හරි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට විකුණලා දායි ඒ සැලැස්මත් ක්‍රියාත්මක වෙනවා කියලා අපි වගකීමෙන් කියනවා.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment