කඩිනමින් හොරු අල්ලන විශේෂ මහාධිකරණය අද 21 සිට


බරපතළ මූල්‍ය නඩු විභාග කිරීම සඳහා වත්මන් රජය විසින් ස්ථාපිත කරන ලද ප්‍රථම විශේෂ මහාධිකරණය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21දා) පෙරවරු 11ට විවෘත කිරීමට නියමිතය.
අද දින සිට එකී අධිකරණයේ නඩු
විභාගයට ගැනෙන බවද අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙහි මුල්ම නඩුව ලෙස හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ට එරෙහිව පැවති මූල්‍ය දූෂණ නඩුවක් විභාගයට ගනු ඇත.
දූෂණ නඩු විභාග කිරීම සඳහා වත්මන් රජය විසින් විශේෂ මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති අතර අද දින කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදී විවෘත කෙරෙන්නේ එහි ප්‍රථම අධිකරණයයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment