අනුරාධපුර නිවසක පොකුණකට කිඹුල් පැටවු 21 දෙනෙක් ඇවිත් ගම් වැසියන් බියෙන්

අනුරාධපුර සාලියපුර පානියන්කඩවල මාර්ගයේ  ගෙවත්තක පිහිටා තිබෙන පොකුණක් අසලින් කිඹුල් පැටවුන්  21දනකු පිටතට පැමිණ  ඇති බවත්, එම පැටවුන් සහ  කිඹුලිය නිදැල්ලේ සැරිසැරීම තර්ජනයක් බවට පත් වී ඇති බවත්
ප්‍රදේශවාසීහු පවසති.
මෙම කිඹුල් පැටවුන් පොකුණෙහි පීනමින් සෑම තැනකම සැරි සරන බවත්, මාර්ගය අසල සිටි කිඹුලිය ගම්වැසියෙකුට පහර දීමට  යෑමේදී ඔහු දිවගොස් බේරී  ඇති බවත් ඔවුහු පවසති.


කිඹුල් ප්‍රහාරයකට ලක් වීමට ගිය, 3 ඇල, රඹුක්කන වත්ත, සාලියපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි කේ.ඩී සුනිල් මහතා තමා මුහුණදුන් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසීය,
“කුඹුරට වතුර යන ඇළ මාර්ගයක ජලය කාන්දු වෙලා තමයි මේ පොකුණ හැදිල තියෙන්නේ, මේ අසල මාර්ගයේ කුඩා ළමුන් ඇතුළු බොහෝ දෙනෙකු දිනකට ගමන් කරනවා. පසුගිය 15 දා සිට ඊයේ වෙනකම් කිඹුල් පැටව් 21ක් එළියට පැමිණ තිබුණා. ඒ දැකපු ගණන විතරයි. තව පැටව් ඇති, මම ගඩොල් රැගෙන එනකොට පොකුණ අසල  මාර්ගය අසල සිටි කිඹුලිය මා හට පහර දීමට පැන්නා. කිඹුල් ප්‍රහාරයෙන් නූලෙන් තමයි මම දුවලා බේරුනේ. කිඹුල් පැටව් පිටතට ආපු දවසෙම ගමේ අය වනජීවී එකට කතා කළා, දැන් දින 5කටත් වැඩියි. ඊයේ දහවල් වනතුරුත් කිසිම නිලධාරීයෙක් පැමිණීයේ නැහැ. මේ කිඹුලන් කුඩා ළමයෙකු ගොදුරු කර ගැනීමට පෙර පියවරක් ගන්නා ලෙස මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment