ලිංගික අල්ලස් චෝදනා ලද සරසවි ආචාර්ය එස්.එම්. අලීෆ්ගේ වැඩ තහනම්


විභාග සමත් කරදීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනා ලැබූ ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන එස්.එම්. අලීෆ්ගේ වැඩ තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව
ඒකමතිකව තීරණය කර ඇත. මෙම පුවතට අදාළව මින් පෙර අප පළකරන්නට යෙදුණ එම විශ්ව විද්‍යාලයේ හිටපු ප්‍රධාන ආචාර්යවරයෙකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මොහොමඩ් ඉස්මයිල් මෙම චෝදනාවට කිසිදු සම්බන්ධයක් නොමැති අතර
එම සටහන එස්.එම්. අලීෆ් ලෙස

නිවැරදි විය යුතුය.
චෝදනා එල්ලවීමත් සමඟ එස්.එම්. අලීෆ් ආචාර්යවරයාට එරෙහිව පාලක මණ්ඩලය එක්වී පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර සාක්ෂි සහිතව චෝදනා ඔප්පු වීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
පසුගිය ජූලි 28දා රැස්වූ අග්නිදිග විශ්වවිද්‍යාලයේ (ඔලුවිල් සරසවිය) පාලක සභාව මේ තීරණයට එළැඹ තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment