මිරිහාන පොලිසියේ කාන්තා නේවාසික කාමරයකට රිංගූ කොස්තාපල් අල්ලයි

මිරිහාන කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරීක්ෂිකාවක් නිදා සිටි කාමරයට මහ රෑ ජනේලයෙන් ඇතුළු වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයකු පෙරේදා (11දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ

පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා එදින ප්‍රධාන ගේට්ටුවේ රාජකාරියේ නිරතව සිට ඇති අතර යාබද ගොඩනැඟිල්ලක පිහිටි උප පොලිස් පරීක්ෂිකාවගේ කාමරයට ඇතුළු වී ඇත්තේද රාජකාරි ඇඳුමින් බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කාමරය තුළින් වූ ශබ්දයත් සමඟ විදුලි පහන් දැල්වීමේදී පොලිස් කොස්තාපල්වරයා විදුලි පන්දමක් අතැතිව සිටිනු දුටු උප පොලිස් පරීක්ෂකවරිය කොස්තාපල්වරයාට පහර දී දණ ගස්වා පොලිස් අත්අඩංගුවට පත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධියට මුහුණ පා ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂිකාවකි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා වසරක පුහුණුවකින් අනතුරුව මීට මාස දෙකකට පමණ ඉහතදී සේවයට වාර්තා කළ අයෙකි.
මාතර - තෙලිජ්ජවිල පදිංචි 23 හැවිරිදි සැකකාර පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කොළඹ - එම්.සී. පෙරේරා, බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment