බොරු හැඳුනුම්පතක් තබාගෙන කට්ටි පැන්න නේවි සම්පත් හසුවේ

ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා
ඊයේ (13) දහවල් කොළඹ – කොටුව ලෝටස් මාර්ගයේදී
අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළ බවට සැකකරන නේවි සම්පත්ට එරෙහිව 2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.
 ඔහු අවස්ථා කිහිපයකදී අධිකරණය මගහැර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි. 41 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොල්වත්ත ගාල්ලගේ අශෝක යන නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ඔහු සතුව තිබී හමුවූ බව පොලීසිය දන්වා ඇත.
ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) අධිකරණ අවසරය හිමිවිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment